ඉන්දුනීසියාවට භූ කම්පනයක්

November 02, 2023 - 12:18 PM
ඉන්දුනීසියාවේ තිමෝර් දිවයිනේ අද (02) පාන්දර රික්ටර් මාපකයේ 6.1ක් පමණ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් ගොඩනැගිලි සහ නිවාස කිහිපයකට සුළු හානි සිදුව තිබූ බවයි.

සැතපුම් 22.4ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම භූ කම්පනය සිදුව ඇති අතර ඒ හේතුවෙන් ජනතාව කලබලයට පත්ව තිබූ බව ද වාර්තා වනවා.
(lknews.lk)