ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

April 08, 2025 - 9:47 AM
ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසයි.

අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති බවයි.


(lknews.lk)