ජපානයේ භූ කම්පනයක්

April 04, 2024 - 11:34 AM
ජපානයේ හොන්ෂු හි නැගෙනහිර වෙරළ තීරයේ මැග්නිටියුඩ් 6.3ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

යුරෝපීය - මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසන්නේ, එම භූ කම්පනය, භූ කම්පන ලක්ෂයේ සිට කිලෝමීටර් 32ක් ගැඹුරින් ඇති වූ බවයි.

භු කම්පනයෙන් පසු හානි හෝ තුවාල පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
(lknews.lk)