අයිස් ජාවාරමක් කොටු වෙයි

March 03, 2024 - 5:18 PM
කටුනායක ගුවන්තොටුපොළ හරහා දීර්ඝ කාලයක් තිස්සේ චොකලට් තුළ සඟවා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ආ ජාවාරමක් අනාවරණය වී  තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමකදී අනාවරණය වූ තොරතුරු මත සිදුකළ විමර්ශනවලදීයි.

එම වැටලීමේදී කිරිබත්ගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී චොකලට් දවටනවල අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
(lknews.lk)