ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ ඉහළ යාමක්

January 17, 2024 - 9:45 AM
යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල ප්‍රදේශ වල වායූ ගුණාත්මකභාවය තවදුරටත් පහළ වැටි ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවට උපදෙස් ලබා දෙන්නේ විමසිලිමත්ව සිටින ලෙසයි.

ඉන්දයාවේ සිට හමාගෙන එන සුළංවල බලපෑම මත ඊයේ (16 වැනිදා) දිනයේදී මෙරට දිස්ත්‍රික්ක රැසක වාතයේ ගුණාත්මක තත්ත්වය ඉතා පහළ අගයක් වාර්තා කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දත්තවලට අනුව ඊයේ පෙරවරු 8.30 ට කුරුණෑගල නගරයේ වායු තත්ත්ව දර්ශයේ දත්ත අනුව දූවිලි අංශු ප්‍රමාණය (Pm 2.5) 275 ක් වැනි ඉතා වැඩි අගයක් පෙන්නුම් කර තිබුණා.

මෙම තත්ත්වය සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බැවින් විමසිලිමත්ව සිටින ලෙසයි මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවට උපදෙස් ලබා දෙන්නේ.
(lknews.lk)