මෙරට ලාදුරු රෝගීන් වාර්තා වීමේ වෙනසක්

October 17, 2023 - 11:57 AM
මෙරට ලාදුරු රෝගීන්ගෙන් 10% ක් අවුරුදු 14ට අඩු දරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ ඒකකය පවසනවා. 

එහි විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවිර මහතා සඳහන් කළේ, හොඳින් ළාදුරු රෝගය පාලනය වන රටක නම් ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 4%ට වඩා අඩු විය යුතු බවයි. 
 
මේ වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1,155 දෙනෙකු වාර්තා වී තිබෙන බව ද සඳහන්.
(lknews.lk)