ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට වාරණ නියෝගයක්

February 19, 2024 - 12:40 PM
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ තනතුරු අත්හිටුවීම සහ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් අද (19) නිකුත් කළා.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

එම වාරණ නියෝගය දින 14ක් දක්වා බලපැවැත් වීමට නියමිතයි.

එමෙන්ම මෙහි විත්තිකරුවන් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
(lknews.lk)