රැඳවියෙක් රෝහලෙන් පලා යයි

March 03, 2024 - 12:02 PM
සිය බිරිද ඝාතනය කිරිමේ චෝදනා මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී  පලා ගොස් ඇති බව අනුරාධපුර පොලිසිය පවසනවා.

ඒ, එප්පාවල,ඉහළ හල්මිල්ලෑව, පහ ගම්මානයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.

මේ සම්බන්ධයෙන් ඔහුට විරැද්ධව අනුරාධපුර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව සඳහන් වනවා.
(lknews.lk)