වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ගැන පරීක්ෂණයක්

February 19, 2024 - 1:26 PM
ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවා.

සෞඛ්‍ය සුළු සේවකයින් සම්බන්ධයෙන් වෛද්‍ය බෙල්ලන කළ ප්‍රකාශයක් පිළිබඳවයි මෙලෙස පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ පරීක්ෂණය පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී තිබුණා.
(lknews.lk)