Smart Youth Night ප්‍රසංග මාලාව ගැන පරීක්ෂණයක්

January 06, 2025 - 3:30 PM
ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වන ලද Smart Youth Night ප්‍රදර්ශනය සහ ප්‍රසංග මාලාවේදී මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සඳහන් කළේ එවකට සිටි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ව්‍යාපෘති සඳහා තරුණ සේවා සභාවේ මුදල් අවභාවිතා කර ඇති බවයි.

එමෙන්ම Smart Youth Night ප්‍රසංග මාලාව සඳහා රුපියල් මිලියන 323ක් වැය කර ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තරුණ කටයුතු සංවර්ධනය සඳහා වෙන් වන්නේ මිලියන 1000ක් පමණක් වන අවස්ථාවකදී මෙවැනි මුදල් ප්‍රමාණයක් ප්‍රසංගයක් වෙනුවෙන් වියදම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

(lknews)