සිවුරකින් සැරසූ අවුකන ප්‍රතිමා වහන්සේ පිළිබඳ පරීක්ෂණයක්

November 27, 2023 - 3:19 PM
අවුකන ප්‍රතිමා වහන්සේ සිවුරකින් සැරසීමේ සිද්ධිය පිළිබද පරීක්ෂණයක් පවත්වන ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් ලබා දී තිබෙනවා. 

ඒ මෙම සිදුවීම ඊයේ (26) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟයි.
 
ඊයේ දිනයට යෙදුණු ඉල් පොහොය දිනයේදී  අනුරාධපුර අවුකන පිළිම වහන්සේට සිවුරු අන්දවා පූජාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ කථාබහක් මතුව තිබෙනවා.
 
පොහොය වෙනුවෙන් කොළඹ, වත්තල ප්‍රදේශයේ කණ්ඩායමක් පැමිණ අවුකන භාරකාර ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය සහිතව මෙම පූජාව කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
(lknews.lk)