නව වසර ආරම්භයට පෙර නිල උත්සවයක්

December 31, 2024 - 12:45 PM
එළඹෙන නව වසරේ රාජකාරී ආරම්භ කිරීමට පෙර හෙට (01) රාජ්‍ය ආයතනවල  නිල උත්සවයක් පැවැත්විය යුතු බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්.ආලෝක බණ්ඩාර විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම Clean Sri Lankaව්‍යාපෘතිය යටතේ නව වසර ආරම්භ කළ යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන් වනවා.

(lknews)