IMF සමඟ සාකච්ඡාවකට විපක්ෂයට අවස්ථාවක්

March 08, 2024 - 11:48 AM
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් එහි ඉහළ පෙළේ නියෝජිත පිරිස සමග සාකච්ඡාවක් සිදු කිරීමට විපක්ෂයට අවස්ථාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන  තිබෙනවා.

අදාළ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයින් වෙත අවස්ථාව සලසා දීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එළැඹෙන සඳුදා (11) ජනාධිපති කාර්යාලයේදී රැස්වීමක් කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා.
(lknews.lk)