කෘෂිකර්ම ඇමතිගෙන් නියෝගයක්

February 27, 2024 - 10:08 PM
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින 'ඵලදාවර්ධන හා අලෙවි අංශය' වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

එම අංශය මගින් කිසිදු ඵලදාවර්ධන කටයුත්තක් සිදුනොවන බව නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම අංශය වසා දමා අපනයනය සඳහා භෝග ව්‍යාප්ත කිරිමේ ඒකකයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව සඳහන් වනවා.
(lknews.lk)