උද්දිකගේ වෙඩිතැබීමේ සිදුවීම CIDයට

September 18, 2023 - 12:48 PM
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ පෞද්ගලික මෝටර් රථය ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ පොලිස්පතිතුමාගේ නියෝග අනුව එම තීරණය ගෙන ඇති බවයි.

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් වෙඩිතබා පළාගොස් තිබුණා.

ඊයේ (17) රාත්‍රී 10.35 පමණ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

මන්ත්‍රීවරයා කිසියම් කටයුත්තක් සඳහා නිවසින් බැහැරට ගොස් යළි නිවස වෙත පැමිණි අවස්ථාවේ දී එම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
(lknews.lk)