යුක්තිය මෙහෙයුමෙන් ඇල්ලු වාහන ගැන නියෝගයක්

February 17, 2024 - 5:38 PM

යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ තබා ඇති රුපියල් කෝටි දහයක පමණ වටිනාකමකින් යුත් රථ වාහන එහි ලියාපදිංචි අයිතිකරු වෙත ලබාදෙන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

තවදුරටත් අදාළ රථ වාහන රඳවාගෙන වැඩිදුර විමර්ශන කටයුතු වෙනුවෙන් අවස්ථාව ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය මෙම නියෝගය නිකුත් කර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් මෙම දේපළ අත්පත් කර ගැනීම සඳහා මහාධිකරණයෙන් නිසි පරිදි නියෝග ලබා ගෙන නොමැති බව පවසමින් විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ දැඩි විරෝධයක් පළ කර ඇති බව ද සඳහන් වනවා.
(lknews.lk)