සන්නිවේදන උපකරණ ගෙන්වීම පිළිබඳ නිවේදනයක්

January 09, 2025 - 11:32 AM
නීත්‍යානුකූල නොවන අන්දමින් සහ නිසි ප්‍රමිතියකින් තොරව මෙරටට සන්නිවේදන උපකරණ ගෙන්වීමට අවස්ථාවක් නොමැති බව විදුලි සංදේශන නියාමන සභාවේ අධ්‍යක්ෂක ජනරාල් විශ්‍රාමික එයා වයිෂ් මාෂල් බන්දුල හේරත් ප්‍රකාශ කළා.

ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ජංගම දුරකථන ලියාපදිංචිය සඳහා වෙළඳුන්ට සහ ආනයනකරුවන්ට මේ මස 28වනදා දක්වා කාලය ලබාදී තිබෙනවා.

ඒ අනුව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ ඉමි අංකය ලියාපදිංචි නොකර භාවිතා කරන දුරකථන ඉදිරියේදී දුරකථන ජාලවල ක්‍රියාකාරී තත්ත්වයෙන් ගිලිහෙන බවයි.

(lknews)