ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීමේ තවත් අදියරක් කිලිනොච්චියේදී

July 14, 2024 - 5:39 PM
සැමට අධ්‍යාපනයේ සම අයිතිය වෙනුවෙන්  'ජනාධිපති ශිෂ්‍යත්ව 2024' වැඩසටහනේ තවත් අදියරයක් අද (14) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 2කට අයත් දරු දැරියන් 1076කට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු වුණා.

ඒ අනුව උසස් පෙළ සිසුවෙක් සඳහා මසකට රු. 6000 බැගින් ශිෂ්‍යත්ව 120ක්  හා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුවෙක් සඳහා මසකට රු.3000 බැගින් ශිෂ්‍යත්ව 950ක් ද වශයෙන් පිරිනමනු ලැබුවා.

ජනාධිපති අරමුදල මඟින් සංවිධානය කරන මෙම වැඩසටහන සඳහා දායකත්වය දෙනු ලබන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි.

(lknews)