යුක්තිය මෙහෙයුමේ දී තවත් 1,038ක් අත්අඩංගුවට

January 04, 2024 - 12:12 PM
ගත වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමේ දී සැකකරුවන් 1,038 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 67 දෙනෙකු රැදවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ.

එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තවත් පුද්ගලයින් 43 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

මෙම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 417 ක්, අයිස් ග්‍රෑම් 205 ක් සහ ගංජා කිලෝ 2යි ග්‍රෑම් 886 ක් ද පොලිස් භාරයට ගැණුනා.
(lknews.lk)