තවත් ඉන්දීය බිත්තර මිලියන 30ක් ලංකාවට

February 23, 2024 - 3:39 PM
උත්සව සමයේ පරිභෝජනය සඳහා තවත් ආනයනික ඉන්දියානු බිත්තර මිලියන 30ක් ගෙන්වීමට අනුමැතිය ලැබී තිබෙනවා.

ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා කාලය තුළ බිත්තර මිලියන 60ක් මෙරටට ගෙන්වීමට පසු ගියදා අවසර ලබාදුන් බව වෙළඳ වාණිජ හා අහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අතපත්තු පැවසුවා.

ඒ අනුව බිත්තර මිලියන 90ක් ගෙන්වීමට නියමිත බවයි ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
(lknews.lk)