යුක්තිය මෙහෙයුමේ දී තවත් 952ක් අත්අඩංගුවට

January 15, 2024 - 12:42 PM
යුක්තිය මෙහෙයුමේ දී තවත් 952 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඉන් සැකකරුවන් 11ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 10 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 29 දෙනෙකු ඊයේ (14) අලුයම සිට අද (15) අලුයම දක්වා සිදුකළ මෙහෙයුමේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම මෙහෙයුමේ දී අයිස් කිලෝ 3කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය මෙන්ම මත්පෙති 4,310ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
(lknews.lk)