යුක්තිය මෙහෙයුමේ දී තවත් 955ක් අත්අඩංගුවට

January 08, 2024 - 10:41 AM
යුක්තිය මෙහෙයුමේ දී තවත් 955 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඉන් 39 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 31 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 51 දෙනෙකු ඊයේ (07) අලුයම සිට අද (08) අලුයම දක්වා සිදුකළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම මෙහෙයුමේදී අයිස්, මාවා කිලෝ තුනකට අධික ප්‍රමාණයක් හෙරොයින් සහ මත්පෙති 1403ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, යුක්තිය මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ රුපියල් කෝටි 10 කට අධික දේපළ සහ වත්කම් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 610ක් වටිනා වාහන සහ රුපියල් ලක්ෂ 450ක් වටිනා ඉඩම් හා නිවාස පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් වාහන අතර, ජීප් රථයක්, වෑන් රථයක්, කාර් දෙකක් සහ ත්‍රිරෝද රථයක් වනවා.

පොලිසිය කියා සිටියේ නිවාස සහ ඉඩම් පොලිස් භාරයට ගෙන ඇත්තේ මාළඹේ, තලගල, ජාඇළ ප්‍රදේශවලින් බවයි.
(lknews.lk)