කෙහෙළියගේ තවත් නඩුවක් යළි විභාගයට ගැනේ
November 26, 2024 - 6:00 PM
කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 03කට එරෙහිව ගොනුකර ඇති නඩුවක් කොළඹ මහාධිකරණය හමුවේ අද (26) යළි විභාගයට ගෙන තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ නඩු විභාගය පැවැත්වූ අතර ඉන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ බවයි වාර්තා වන්නේ.
ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවට අයත් රුපියල් නව ලක්ෂ අසූ දහසකට අධික මුදලක් වැය කර ජී. අයි. පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 03කට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.
වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජනවාරි මස 27 වනදා දක්වා කල්තැබීමටද අධිකරණය නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)