ගාල්තැන්න දේවාලයෙන් තවත් මොන්ටේරෝ ජීප් රථයක් පොලිස් භාරයට

November 06, 2024 - 9:37 PM
ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයාට අයත් බවට කියන ව්‍යාජ අංක තහඩු සහිත තවත් මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් පොලීසිය විසින් ඊයේ (05) සොයාගෙන තිබෙනවා.

ඒ අම්පිටිය, ගාල්තැන්න දේවාල පරිශ්‍රයේ වාහන අංගනයේ තිබියදීයි.

එම වාහන අංගනයේ මොන්ටේරෝ, ප්‍රාඩෝ, ඩිෆෙන්ඩර් සහ තවත් කාර් රථ ඇතුළු වාහන 12ක් තිබූ බව පොලීසිය ප්‍රකාශ කළා.

පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ අදාළ වාහනවල අංක මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර තිබෙන බවයි.


(lknews.lk)