ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් තීරණයක් ගනී

December 15, 2023 - 11:59 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ක්‍රීඩා සමාජ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

පළමු පෙළ ක්‍රිකට් තරගාවලි පැවැත්වීමේ නව සැලසුම්, පාසල් ක්‍රිකට් සහ ක්‍රීඩා සමාජ තරගාවලි තුළ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා පැවසුවේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත හිටපු ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විවිධ තනතුරු සඳහා පත්කිරීම සාධනීය තත්ත්වයක් බවයි.
(lknews.lk)