තවත් ඉන්ධන සමාගමක් මෙරටට

February 26, 2024 - 12:26 PM
මෙරට වෙළඳපොලෙහි තිබෙන තරගකාරීත්වය වැඩි කරමින් තවත් ඉන්ධන සමාගමක් වෙළඳපොළට පැමිණ තිබෙනවා.

ඒ, යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා සමාගමයි.

යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා සමාගම මෙරට වෙළඳපොලට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා ගිවිසුම්ගත වී තිබෙනවා.

එම සමාගමට පිරවුම්හල් 150ක් පවරා ඇති අතර නව පිරවුම්හල් 50ක් ඉදිකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(lknews.lk)