ජනාධිපතිවරණය එරෙහිව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

July 12, 2024 - 11:17 AM
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ නිසි ලෙස සම්මත වී නොමැති බැවින් ජනාධිපතිවරණයක් පැවැත්වීම වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

නීතීඥ අරුණ ලක්සිරි විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණක් පවත්වන ලෙස පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා.

(lknews)