යුක්තිය මෙහෙයුම යටතේ 1135දෙනෙකු අත්අඩංගුවට

January 07, 2024 - 3:14 PM
යුක්තිය මෙහෙයුම යටතේ ගෙවුණු පැය 24 පුරාවට වැටලීම්වලින් සැකකරුවන් 1,135දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 46ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 16 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පහත පරිදි,

හෙරොයින් 56Kg 100g

අයිස් 189 kg 600 g

ගංජා 05 kg 900 g

ගංජා පැල 2420

තුල් 2Kg

මත්පෙති 2024 ක්
(lknews.lk)