කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු මරුට

December 29, 2023 - 9:34 AM
කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු මියගොස් තිබෙනවා.

සතියක් තුළ එම බන්ධනාගාරයෙන් වාර්තා වූ තුන්වන මරණය මෙය වීම විශේෂත්වයක්.

ඊයේ (28) පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර මෝදරවිල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්.

හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව මත රඳවා සිටි මෙම රැඳවියා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් මත කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලක් මත කළුතර උතුර පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළා.

පහරදීමක් හේතුවෙන් රෝහල් ගත කර සිටි කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු පසුගිය 26 වනදා ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් රැඳවියෙකු ඉකුත් 24 වනදා රාත්‍රියේ නාගොඩ රෝහලට ඇතුළත් කරන විටදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන්.
(lknews.lk)