ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියෙකුට මොළේ උණ වැළඳෙයි

March 03, 2024 - 1:11 PM
ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියෙකුට මොළේ උණ හෙවත් මෙනින්ජයිටීස් රෝගය වැළඳී ඇති බව වාර්තා වනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය  හේමන්ත රණසිංහ සඳහන් කලේ, එම රැඳවියා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
 
එම උණ රෝගය හේතුවෙන් මීට පෙර ද ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු සහ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
(lknews.lk)