කරාපිටිය රෝහල අසල පස් කන්දට යට වූ තවත් අයෙකු මරුට

December 11, 2023 - 2:06 PM
කරාපිටිය රෝහල අසල ඉදිකිරීම් ස්ථානයක කඩා වැටුණු පස් කන්දට යට වී රෝහල් ගත කළ තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිට මියගොස් ඇති බවයි.

ගාල්ල - කරාපිටිය රෝහල අසල ඉදිකිරීම් ස්ථානයක පස් කන්දක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවුයේ පෙරේදා (09) දිනයේ දී වන අතර, එයින් පුද්ගලයින් 4 දෙනෙක් පස් කන්දට යට වී තිබුණා.
(lknews.lk)