IPL තරගයෙන් තවත් ක්‍රීඩකයෙක් ඉවතට

March 22, 2024 - 4:29 PM
ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය අද (22) ආරම්භ වීමට නියමිතයි.

ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙකු තෝරා ගත්ත ද තරගාවලිය සඳහා පිටත්ව ගොස් ඇත්තේ ක්‍රීඩකයන් දෙදෙනෙක් පමණි.

ඒ, නුවන් තුෂාර සහ මහීෂ් තීක්ෂණයි.

මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් වන ඇඩම් සම්පායි පෞද්ගලික හේතුවක් මත ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.
(lknews.lk)