නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට තවත් විශේෂ දිනයක් ප්‍රකාශ කරයි

September 09, 2024 - 10:59 AM
එළඹෙන ජනාධිපතිවරණයට අදාළව 14 වනදා විශේෂ දිනයක් ලෙස සළකා නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අද (08) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම පසුගිය 03 වනදා ආරම්භ වූ අතර එම කටයුතු එළඹෙන 14 වනදා දක්වා සිදු කිරීමට නියමිතව තිබෙනවා.



(lknews)