මල්වතුහිරිපිටියේ හිමිනම ඝාතනයේ තවත් සැකකරුවෙක්

February 16, 2024 - 11:22 AM
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී හිමිනමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බියගම මල්වාන ප්‍රදේශයේදී.

23 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත අත් බෝම්බයක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10ක් පමණ හමුවී තිබෙනවා.

අදාළ සැකකරු එම අපරාධයට ඍජුවම සම්බන්ධ බව පොලීසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශය විසින් සිදු කරන බව සඳහන්.
(LKNEWS)