ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත් තීරණය පාර්ලිමේන්තුවට

February 20, 2024 - 1:24 PM
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට ගත් තීරණය අද (20) නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළා.

එම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත එහි විධි විධානවලට අනුකූලව ඉදිරිපත් කර ඇති බවත්, සංශෝධනවලට යටත්ව පමණක් සරල බහුතරයකින් එම කෙටුම්පත සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් එම සංශෝධනවලින් තොරව පනත සම්මත කරන්නේ නම් මෙහි සඳහන් ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙන බවයි නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.