ආසියානු ක්‍රිකට් ශූරියන් තිදෙනෙක්ට අනුලාවෙන් උණුසුම් පිළිගැනීමක්

August 05, 2024 - 5:53 PM
2024 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජික ක්‍රීඩිකාවන් වන නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා සහ කෞෂිනී සෙනවිරත්න යන අය පිළිගැනීමේ උත්සවයක් අද (05) සංවිධානය කර තිබුණා.

ඒ නුගේගොඩ අනුලා විද්‍යාලයීය භූමි පරිශ්‍රයේදීයි.

එම විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ගුරුවරුන්, ශිෂ්‍යාවන් සහ ආදි සිසුවියන් පාසල ඉදිරිපිට දී මහත් හරසරින් යුතුව එම ක්‍රීඩිකාවන් පිළිගනු ලැබුවා.

අවසානයේ මෙම ක්‍රීඩිකාවන් තිදෙනාව ඇගයීම වෙනුවෙන් කුසලාන ප්‍රදානයක් ද මෙහිදි සිදුවුණා.

(lknews)