අනුර කුමාර ඉන්දීය සංචාරයක

February 05, 2024 - 12:36 PM
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සිව් දෙනෙකු ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන නිල හමුවක් සඳහා සහභාගී වීමටයි.

මේ සඳහා සහභාගී වීමට ඔවුන් අද අලුයම නවදිල්ලි අගනුවර බලා පිටත් වී තිබුණා.
(lknews.lk)