අනුර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හමු වෙයි

March 19, 2024 - 12:58 PM
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (19) පෙරවරුවේ සිදුව තිබෙනවා.

ඒ, ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදීයි.

මෙම හමුවට ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Katsuki Kotaro මහතා සහ දෙවැනි ලේකම් Imai Kaori මහත්මියද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක් වී ඇති බව වර්තා වනවා.

එහිදී ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය දීර්ඝ ලෙස දෙපාර්ශ්වයේ සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
(lknews.lk)