අනුර කැනඩා සංචාරයක

March 21, 2024 - 10:30 AM
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් හමුවන ජනහමු කිහිපයකට සහභාගී වීම සඳහා ඊයේ (20) සවස කැනඩාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ජාතික ජන බලවේගය සඳහන් කළේ, ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන ජනහමු දෙකෙන් පළමු ජන හමුව 23 වැනිදා ද දෙවැන්න 24 වැනිදා ද පැවැත්වෙන බවයි.

ඊට අමතරව ඔහු කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව මුණගැසෙමින් සුහද හමු කිහිපයකට සහභාගි වීමට නියමිත බවද එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)