අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී

March 09, 2024 - 11:35 AM
11 වසරේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 වසරේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා.

එසේම දැනට 13 වසරේදී පැවැත්වෙන උසස් පෙළ විභාගයද ඉදිරියේදී 12 වසරේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ කුඩා දරුවන් සඳහා පළමු ශ්‍රේණියට පෙර “පූර්ව ශ්‍රේණිය” ආරම්භ කිරීමටද සූදානමින් සිටින බවයි.
(lknews.lk)