Apple සන්නාමය 3වන වරටත් ඉහලම වටිනාකමට හිමිකම් කියයි

June 13, 2024 - 2:50 PM
ඩොලර් ට්‍රිලියනයක සන්නාම වටිනාකමකට හිමිකම් කීමට සමත් වූ ලොව පළමු සන්නාමය බවට Apple සමාගම පත්වී තිබෙනවා.

ඒ ගෝලීය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Kantar's BrandZ විසින් සිදු කරන ලද ශ්‍රේණිගත කිරීමකට අනුවයි.

මෙම ලැයිස්තුවේ 2වන ස්ථානයේ ඩොලර් බිලියන 753ක වටිනාකමකට හිමිකම් කියන Google සන්නාමයත් 3වන ස්ථානයේ ඩොලර් බිලියන 713ක සන්නාම වටිනාකමකට හිමිකම් කියන Microsoft සන්නාමයත් හිමි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වසරේදීද ලොව ඉහළම වටිනාකමට හිමිකම් කියනු ලබන ගෝලීය සන්නාමය බවට Apple පත්ව ඇති අතර ඒ අඛණ්ඩව 3වන වතාවට වීම විශේෂත්වයක්.

(lknews)