Apple iPhone භාවිතා කිරීම චීනය තහනම් කරයි

September 08, 2023 - 2:46 PM
චීනය මධ්‍යම රජයේ නිලධාරීන් සඳහා Apple iPhone භාවිතා කිරීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නිවේදනයෙන් අනතුරුව Apple සමාගමේ කොටස් 3.6% කින් පහත වැටී තිබෙනවා.

එය මාසයක් තුළ සිදුවූ විශාලතම දෛනික පහත වැටීම ලෙස සඳහන්.

චීන රාජ්‍ය ආයතනවල කළමනාකරුවන් චැට් කණ්ඩායම් හෝ රැස්වීම් හරහා මෙම තහනම පිළිබඳව කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් කොරෝනා වසංගතයට පෙර සිටම චීන නිලධාරීන් iPhone අතහැරීමට ලිඛිත රීතියක් අනුගමනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම චීන නිලධාරීන් Huawei වැනි ප්‍රධාන දේශීය සමාගම් විසින් සාදන ලද Smart Phone භාවිතා කිරීමට නැඹුරු වන බව වැඩිදුරටත් දක්නට ලැබෙනවා. 
(lknews.lk)