ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවයි

March 15, 2024 - 4:20 PM
2021 සහ 2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන ගැසට් පත්‍රයේ අද (15) පළ කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ, මාර්ගගත ක්‍රමය ඔස්සේ වන අතර අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ද මාර්ගගත ක්‍රමය ඔස්සේම මෙවර සිදු කරනු ලබනවා.

අද දහවල් 12න් පසුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි වනවා.

එමෙන්ම අයදුම් කිරීමේ කාල සීමාව 2024.04.05 දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දුන්නා.