විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවයි

December 22, 2023 - 10:30 AM
2022 වසරට අදාළව මෙම වසරේ පැවති උසස් විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ අයදුම්පත් කැඳවීම අද (22) සිට ආරම්භ වෙනවා.

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවීම ලබන 29 වනදා දක්වා සිදුකෙරෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියා සිටියේ.

අයදුම්පත් යොමුකිරීම සම්බන්ධව වැඩිදුර විස්තර සහ කොන්දේසි විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.
(lknews.lk)