උ/ පෙළ විභාගය සඳහා උත්තර පත්‍ර ඇගැයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවයි

November 30, 2023 - 8:36 AM
2023 (2024) වර්ෂය සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා උත්තර පත්‍ර ඇගැයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීම ආරම්භකර තිබෙනවා.

ඒ අනුව  විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසූවේ, නොවැම්බර් (28) සිට මෙම අයදුම්පත් කැඳවීම ආරම්භ කළ බවයි.

මෙම අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 19 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු කිරීමට නියමිතයි.

https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු සඳහා පරීක්ෂකවරුන්ට අයදුම් කිරීමට හැකියාව පවතින බව සඳහන්.

උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනිදා පැවැත්වීමට නියමිතයි.
(lknews.lk)