උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම අරඹයි

June 05, 2024 - 11:27 AM
2023 (2024) අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (05) ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්කරුවන්ට ජූනි මස 19 වනදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බව සඳහන්.

(lknews)