හෙද සේවයට බඳවාගත් 3,147 දෙනෙක්ට පත්වීම් ලිපි ප්‍රදානය හෙට

May 23, 2025 - 7:41 PM
මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙක්ට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (24) අරලියගහ මන්දිර පරිශයේ රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ මෙරට හෙද සේවා ඉතිහාසයේ විශාලතම ප්‍රමාණයකට එකවර පත්වීමේ ලිපි ප්‍රදානය කරනු ලබන පළමු අවස්ථාව මෙය වන බවයි.

මෙම උත්සවයට සමගාමීව හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙක් සඳහා උසස් වීම් ප්‍රදානය කිරීමද මෙහිදී සිඳු කිරීමට නියමිතව තිබෙනවා.

(lknews.lk)