මාර්තු මාසයේ නවක වෛද්‍යවරුන් 1300කට පත්වීම්

February 06, 2024 - 4:34 PM
එළැඹෙන මාර්තු මාසයේදී වෛද්‍යවරුන් 1300 දෙනෙකු රජයේ රෝහල් සඳහා අනුයුක්ත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල සඳහන් කරන්නේ එම වෛද්‍යවරුන් කණ්ඩායම මේ වන විට සීමාවාසික පුහුණුවීම් අවසන් කරමින් සිටින බවයි.

මෙමඟින් පවතින වෛද්‍ය හිඟයට ඉදිරියේදී විසදුම් ලැබෙන බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)