විසර්ජන පනත් කෙටුම්පත කියවීම අද

January 09, 2025 - 9:46 AM
2025 වසර සඳහා වන පළමු විසර්ජන කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී කියවීමට නියමිතව තිබෙනවා.

එය දෙවනවර කියවීම හෙවත් අයවැය කියවීම පෙබරවාරි 17වනදා සිදු කිරීමට නියමිත අතර එහි විවාදය පෙබරවාරි 18වනදා සිට 25වනදා දක්වා පැවැත්වීමටද නියමිතයි.

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21වනදා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(lknews)