කෘත්‍රිම බුද්ධි පනතට අනුමැතිය

March 16, 2024 - 2:43 PM
සාමාජික රටවල් සමඟ සිදුකළ සාකච්ඡාවලදී එකඟ වූ රෙගුලාසිවලට අනුව යුරෝපා පාර්ලිමේන්තුව විසින් කෘත්‍රිම බුද්ධි පනත අනුමත කර තිබෙනවා.

මෙම පනතට පක්ෂව ඡන්ද 523 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 46 ක් පමණයි.

මෙම පනත හරහා හඳුන්වාදීමට උත්සහ කර තිබෙන්නේ ආරක්ෂාව සහ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා වන ලෙස නවෝත්පාදන ඉහළ නැංවීමයි.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ පාරිසරික තිරසාරත්වය ආරක්ෂා කිරීමට අදාළ වගන්තිද මෙම පණතෙහි ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)